කොට්ටුකච්චිය අනතුරකින් 2ක් මරුට

ජූලි 15, 2019

    පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිදුවී ඇති අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

    පුත්තලම ආණමඩුව අතර කොට්ටුකච්චිය පාසල ආසන්නයේ මාර්ගය මැද නවතා තිබූ ලොරි රථයක පිටුපසින් ගිය යතුරු පැදිය වැදීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. අනතුර සිදුවුනේ ඊයේ (14) රාත්‍රී 10.30 ට පමණ.

    අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය, වඩත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.එච්.එම්.සුපුන් ප්‍රසාද් (අවු:25) සහ එස්.එම්.ඉෂාර කසුන් (අවු:25) නම්වූ තරුණයින් දෙදෙනෙකි. අනතුරෙන් තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යමින් සිටින විට අතර මගදී මිය ගොස් තිබේ.

    අනතුරට සම්බන්ධ ටිපර් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර, එහි රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම පොලීසිය රථවාහන අංශය වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 15 ජූලි 2019 09:47

    Latest News