17ක් රෝහලට යැවූ තල්ගොඩපිටිය අනතුර

ජූනි 07, 2019

    කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තල්ගොඩපිටිය මංසන්දිය ආසන්නයේ දී අද උදෑසන 7.30 ට පමණ බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකට ගැටීමෙන් පාසල් සිසුන් පිරිසක් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

    පාසල් බස් රථයේ සිටි පාසල් සිසුන් 13 දෙනෙකු සහ අනෙක් බස් රථයේ ගමන් ගත් ඇගලුම් කම්හල් සේවිකාවන් 3ක් සහ එහි රියදුරුද තුවාල ලබා තිබේ.

    බස් රථයේ රියදුරුගේ තත්වය බරපතල වීම හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවසයි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. ගොකරැස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Accident1

    Accident6

    Accident2

    Accdfent3

    Accident4

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 11:48

    Latest News