කිලිනොච්චි අනතුරකින් හමුදා සාමාජිකයින් 5ක් මරුට (වීඩියෝ)

ජූනි 25, 2019

    කිලිනොච්චිය, පාරදිපුරම් හංදිය දුම්රිය හරස් මාර්යේ යුද හමුදාවට අයත් ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

    තවත් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි, වාර්තා වෙයි. ලොරි රථය අනතුරට ලක්වන විට, එහි යුද හමුදා වෛද්‍ය ඒකකයේ භටයින් සත් දෙනෙකු ගමන් කර ඇත. ඔවුන් ජලය රැගෙන ඒමට යමින් සිටියදී ප.ව. 2ට පමණ කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ශිඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබේ. තුවාල ලැබූ භටයින් දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත. 

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 18:26

    Latest News