PTL විකෘති හඩපට පරීක්ෂට නියෝගයක්

ජන 28, 2019

    මහබැංකු බැඳුම්කර කොමිසමට විකෘති කරන ලද දුරකතන ඇමතුම් අඩංගු හඬ පටයක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණ.

    එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අධිකරණය විසින්  නිකුත් කළ නොතීසියක් මත සැකකරුවන් ලෙස නම් කර සිටින අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේව තන්ත්‍රී යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙහිදී රහස් පොලිසිය අධිකරණය වෙත  ඩී.වී.ඩී පටයක් ඉදිරිපත් කරමින් ඒ රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලීම් කළේය.
     
    එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාල ඩීවීඩී පටය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නියම කළේය. අනතුරුව පැමිණිල්ල ලබන 25 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නියම කෙරිණ.
    Last modified on සදුදා, 28 ජනවාරි 2019 15:41

    Latest News