මහ බැංකුවේ හිටපු ලොක්කෙක් සමග 03ක් CID අත්අඩංගුවට

මාර් 25, 2019

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු හා අධ්‍යක්ෂකරු තිදෙනෙක් අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබැංකුවේ හිටපු නි.අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙසරිස් ලිමිටඩ් අධ්‍යක්ෂවරු වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුතුරාජ සුරෙන්ද්‍රන් යන අයයි. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන් ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on සදුදා, 25 මාර්තු 2019 09:02

    Latest News