“ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම-2019“ එළිදකී

ජන 02, 2019

    මහ බැංකු බැඳුම්කර වංචාවේ සෘජු අලාභය පිළිබඳ මෙතෙක් ගණනය කිරීමක් සිදුකර නොමැති බව, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. “ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම-2019“ එළිදැක්වීම මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ. මේ වසරට අදාළ මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්ති එම වාර්තාවට ඇතුළත්වේ. මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා...

    “බැඳුම්කර කොමිසමේ කමිටු වාර්තාව දෙසැම්බර් මාසයේ ලැබුණා. මේ මාසේ ඊට අදාළව කටයුතු කරනවා. ප්‍රමාදයක් නැහැ. සිදුව ඇති අලාභය කමිටුවේ නිර්දේශ අනුව සොයා බලා තීරණය කළ යුතුයි. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. වරදක් වන්න බැහැ. කල්පනාවෙන් කළ යුතුයි. මේ වසර අවසන් වීමට පෙර සියලු වෝහාරික විගණනයන් අවසන් කරනවා.“ යැයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 20:23

    Latest News