කාසි දෙන්න කවුළුවක්

මාර් 28, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථාන බිම් මහලේ ආරම්භ කර තිබේ.

    රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියකම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් ‍පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා මෙම කවුළුව ගනුදෙනු සඳහා විවෘත පවති.

    එක් අයෙකුට එක් වරකදී නිකුත් කරන අවම කාසි ප්‍රමාණයකට සිමාකර තිබේ. එ අනුව එක් මුහුණත වටිනාකමකින් යුතු කාසි 100ක පැකට් 1ක් මිල දි ගත හැකිවේ. රුපියල, රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 යන ඕනෑ ම මුහුණත වටිනාකමකින් කාසි 100 බැගින් මිලදී ගත හැකි අතර උපරීම පැකට් වල වටිනාකම රු. 20,000/- ක යටත්වේ.

    කාසි තොග වශයෙන් මිළදි ගන්නා පුද්ගලයන් සහ ආයතන මහ බැංකුවේ, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි වෙත ඉල්ලුම් පත්‍රයක් රාජකාරි දින දෙකකට පෙර යොමු කිරීමෙන් එම කාසි අවශ්‍යතාව සම්පුර්ණ කර ගත හැකිවේ.

    අදාළ ඉල්ලුම් පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ මුදල් කවුළුවෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (www.cbsl.gov.lk) පලවේ.

    Latest News