නුවරඑළියට එන සංචාරකයින් දැන් කේබල් කාර්

ජූලි 03, 2019

    නුවරඑළිය සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    එය, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමේ අවබෝධතා ගිවිසුමට එළඹීම සම්බන්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින්. නුවරඑළිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයට ලක්ව ඇති ප්‍රදේශයක් වන අතර, එහි පිහිටීම සහ සුන්දර පරිසරයකට හිමිකම් කීම සැලකිල්ලට ගෙන සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    එහි එක් පියවරක් ලෙස නානුඔය සිට සිංගල් ට්‍රි කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි. මෙය ක්‍රියාවට නංවනු ලබන්නේ, අමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ ආයෝජනයක් යටතේ. කුළුණු 21ක් මත මෝටර් කාර් ව්‍යාපෘතිය ඉදිකෙරන අතර, එකවර මගීන් දස දෙනෙකුට ගමන් කළ හැකි කුටි 86ක් ස්ථාපනයට පියවර ගෙන තිබේ. පළමු අදියර යටතේ කුටි 43ක් ඉදිකිරිමට අපේක්ෂිතයි.

    Last modified on බදාදා, 03 ජූලි 2019 15:16

    Latest News