Huawei පාරිභෝගිකයින්ට සහනයක්

ජූලි 05, 2019

    චීන අමෙරිකා ආර්ථික යුද්ධයේ එක් පසුබිම් කතාවක් පසුගිය මාස කිහිපය පුරා Huawei සමාගම වටා නිර්මාණය විය.

    ඒ එම සමාගමේ ඉහළ පෙළේ නිළධාරිනියක් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

    කෙසේ වුවත් ඉන්පසු ලෝකයේ අවධානය වෙනස් කරමින් පසුගියදා පැවති G - 20 සමුළුවේදී දෙරට නායකයින් සිදු කළ සාකච්ඡාවන්ගේ ප්‍රගතිය මූලික කර ගනිමින් පැවති බරපතල තත්වයන් කිසියම් ලෙසකින් පාලනය වී තිබේ.

    පසුව පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ Huawei සමාගමට අමෙරිකානු තාක්ෂණ සමාගම් තුළින් භාණ්ඩ මිළදී ගැනීමට හැකි බවයි.

    එම නිසා එම සමාගම මාධ්‍යයට පසුගියදා ප්‍රකාශ කර සිටියා මේ තත්වය මත Huawei පාරිභෝගිකයින්ට බියක් ඇති කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

    Latest News