30 වැනි වරටත් සංවත්සරය සැමරූ බයෝ ෆුඩ්ස්

අගෝ 31, 2023

    ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයේ පුරෝගාමියෙකු වන බයෝ ෆුඩ්ස් සමාගම ගෝලීය පරිමාණයෙන් කාබනික සහ සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව යමින් කාබනික කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය 30 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි.

    ආචාර්ය A. සරත් රණවීර මහතාගේ සංකල්පයකට අනුව 1993 දී බයෝ ෆුඩ්ස් සමාගම පිහිටුවන ලද අතර වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කාබනික කෘෂිකර්මාන්තයේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට කටයුතු කරමින් සිටියි. තිරසාර හා ආචාරශිලී ගොවිතැන් පිළිවෙතක් සඳහා රටට ආදර්ශයක් ලබා දී තිබේ. කෘෂිකර්මාන්තය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා නොසැලෙන කැපවීමක් සමඟින්, සහතික කළ ගොවි කණ්ඩායම්වල සිට සැකසුම් කම්හල් දක්වා අවසන් පාරිභෝගික භාණ්ඩය තෙක් සමස්ත ආහාර නිෂ්පාදන දාමය වැලඳගනිමින් බයෝ ෆුඩ්ස් සමාගම ශ්‍රී ලංකාවේ අපනයන කේෂ්ත්‍රයේ විශිෂ්ටත්වයට ඔසවා තබා ඇත.

    සමාගම උසස් කාබනික සහතික කිරීමේ ප්‍රමිතීන්ට දැඩි ලෙස අනුගත වී ඇති අතර, නිෂ්පාදන හානිකර රසායනික ද්‍රව්‍ය, පළිබෝධනාශක සහ ජානමය වශයෙන් සිදු කරනු ලබන වෙනස් කිරීම් බැහැර කිරීම සහතික කරයි. එසේම, 1990 දශකයේ මුල් භාගයේදී Fairtrade Labeling Organization (FLO) ප්‍රමිති සැකසීමේ කමිටු සාමාජිකයෙකු ලෙස ආචාර්ය රණවීර මහතා ගෞරවනීය තනතුර අධ්‍යතනයේ ගෝලීය වශයෙන් භාවිතා වන සාධාරණ වෙළඳ රෙගුලාසි සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.

    බයෝ ෆුඩ්ස්හි අධිෂ්ඨානශීලී සාධාරණ වෙළඳ පිළිවෙත් සහ අපනයන ආදායම ශ්‍රී ලාංකික කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කරයි. ආචාර්ය රණවීර මහතා විසින් ආරම්භ කරන ලද කාබනික සහ තිරසාර භාවිතයන් (SOFA සහ MOPA) පිළිබඳව පුහුණු කරන ලද කුඩා ගොවි කණ්ඩායම් 2015 සහ 2014 වසරවලදී FLO විසින් ලොව හොඳම ගොවි සංවිධානයේ සම්මානයෙන් පිදුම් ලැබීය. 2014 වසරේදී World Fairtrade ලේබල් කිරීමේ සංවිධානය විසින් සමාරම්භක “World’s Fairest Fairtrade සම්මානයෙන්” ඔහු පිදුම් ලැබීය. වසර ගණනාවක් පුරා, බයෝ ෆුඩ්ස් විසින් තිරසාරභාවය සහ සමාජ වගකීම් සඳහා ඇති නොසැලෙන කැපවීම හේතුවෙන්, විශේෂයෙන් යුරෝපය පුරා, නොයෙකුත් ඇගයීම් සහ පිළිගැනීම් ලබා ඇති ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට කටයුතු කර තිබේ.

    Latest News