උ.පෙළ කෘෂි විද්‍යා IIවන ප්‍රශ්න පත්‍රය අවලංගු කෙරේ

ජන 12, 2024
    උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යන්ට අදාළව අවලංගු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
     
    65a108e2e1f0d

    Latest News