දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ අනතුරු

සැප් 01, 2023

    මාස කිහිපයක සිට දැඩි වියළි කාලගුණයක් පැවති මඩකලපුව දිස්ත්‍රික්කයට ඊයේ සවස අධික වැසි ඇදහැලුණු බව අප වාර්තාකරු සඳහන් කළා.

    පොලොන්නරුව දිස්ත්‍රික්කයටද ඊයේ තද වැසි ඇදහැලුණු අතර, මේ හේතුවෙන් ගොවීන් රැසකට වී අස්වනු වේලා ගැනීමට නොහැකි වුණා.

    මාස ගණනාවකට පසු වවුනියාව දිස්ත්‍රික්කයටද අධික වර්ෂාවක් ඇදහැලුණා. එම දිස්ත්‍රික්කයේ ලොකු සහ කුඩා වැව් 400 ක් පමණ සිඳී ගොස් තිබූ අතර, ප්‍රධාන ජලාශ රැසකද ජල මට්ටම පැවතුණේ, ඉතා පහළ මට්ටමකයි.

    පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුනට නාය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්ක‍යේ මතුගම, බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට නාය අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකි.

    Latest News