බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් රු. බි.1.6 ක ආදායමක්

ජූලි 24, 2023

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසුගිය වසරේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් රුපියල් බිලියන 1.6 ක වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.

    වසරක් තුළදී, මෙම ආදායම ලබා ගැනීම විශේෂත්වයක්.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දේශීය වශයෙන් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ඒවාට ගොවීන්ගෙන් ඇත්තේ, ඉහළ ඉල්ලුමක්. විශේෂයෙන් මිරිස් වගාවට හඳුන්වා දුන් MICH 1 සහ 2 යන වර්ග දෙකට ඉහළ ඉල්ලුමක් පවතිනවා. එමෙන්ම, කෘෂිකර්ම අමාත්‍යාංශය බීජ කට්ටල ලක්ෂ 15 ක් ගෙවතු සහ ආයතන වෙත ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. එමගින් මෙරටට ආනයනය කරන එළවළු බීජ ප්‍රමාණය අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
    මීට අමතරව, ගෙවතු බීජ ඇසුරුම් ලක්ෂ 25 ක් රජයේ ආයතන වෙත ලබාදීමට පියවර ගත් බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News