වානේ කම්බි මිල පහළ යයි

නොවැ 13, 2022
    පසුගිය මාසයේ රුපියල් 575,000 කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000 දක්වා පහත වැටී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.
    ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 2000කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,635කටයි.

    රුපියල් 2,700කට පමණ අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 2,395 කට අලෙවි වනවා.

    මිලිමීටර් 16 වානේ කම්බියක් මිල පහත වැටීමෙන් අනතුරුව මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,325 කටයි.

    Last modified on ඉරිදා, 13 නොවැම්බර් 2022 09:14

    Latest News