දෙසැම්බරයේ සතොසට රු.කෝටි 480ක ආදායමක්

ජන 05, 2022

    පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් ලංකා සතොස ආයතනයේ රුපියල් කෝටි 480ක වෙළෙඳාම් සිදු කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා කියා සිටියේ දෙසැම්බර් 31 වැනිදා පමණක් රුපියල් කෝටි 25.5ක ආදායමක් උපයා ඇති බවයි.

    පසුගිය වසරේ ක්‍රමානුකූලව සතොස ආයතනය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ කොළඹ පැවති හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ.

    ලංකා සතොස ආයතනය, අවසාන කාර්තුවේදී මෙහෙයුම් ලාභයක් ද වාර්තා කිරීම විශේෂත්වයක්.

    Latest News