ජනවාරි 1වැනිදා කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

ජන 04, 2022

    නව වසරේ පළමු දිනයේම සමස්ත මිල දර්ශකයේ වාර්තාවක් පිහිටුවමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට එක්ව තිබේ.

    ඊයේ (03) දිනය අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 12,625.82ක් ලෙස වාර්තා වී තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 399.81ක ඉහළයාමක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ.

    මෙය 3.27%ක වර්ධනයක් බවද ඔවුන් පෙන්වා දෙයි. 

    මේ අතර දිනය නිමාවට පත්වන විට එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 4,348.24ක් ලෙස පෙන්නුම්කර තිබේ. එයට පෙර දිනයට සාපේක්ෂව ඒකක 114.99ක ඉහළ යාමක් බවද එහි වර්ධනය සියයට 2.72 ක් බවද කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.

    ඊයේ (03) දිනය නිමාවට පත්වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් කෝටි 963ක් ලෙස සටහන් විය.

    Latest News