‍සතො‍සට ගියොත් අඩුවට බඩු

අප්‍රේ 07, 2023

    ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    එම භාණ්ඩ අඩු කළ මිලට අද (7) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසනවා.

    ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු කළ බව ද සතොස කීය.

    ඒ අනූව, ලොකු ලූණු කිලෝවක් රුපියල් 97 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 225 කට සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 490 කට මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.

    Latest News