ශ්‍රී ලංකන් වෙත ලෝක සංචාරක සම්මානයක්

දෙසැ 20, 2018

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝක සංචාරක සම්මාන උළෙලෙහිදී ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය  ලෙස නැවත වාරක් සම්මානයෙන් පිදුම් ලැබීය.

    මෙම සම්මාන උ‍ළෙල පෘතුගාලයේ ලිස්බන් නුවර දී පසුගියදා පවත්වන විණ. ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකි. 

    ලෝක සංචාරක සම්මාන ප්‍රදානෝත්සවයේ නිර්මාතෘ ග්රැහැම්කුක් මහතා ශ්‍රිලංකන් ගුවන් සේවයට සුබපැතුම් එක් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සේවා වැඩි දියුණු කිරීම නිර්භීතව ප්‍රදර්ශනය කර ඇති බවයි.

    ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර සමින්ද පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සම්මානය හිමිවීම තුළින් ගුවන් සේවයේ උද්‍යෝගය සහ ඉන්දියානු සාගර කලාපය තුළ ස්ථාවර පැවැත්ම පෙන්නුම් කරන බවයි. එසේම ගුවන් සේවයේ වැඩිදියුණු කිරීම් සහ නව ප්‍රයත්නයන් වෙළෙඳපොළ ඉල්ලුම සමග මනාවට ගැලපෙන බවද හෙතෙම පැවසීය. “ අපගේ මගීන්ගේ ඉල්ලීම මත ජනප්‍රිය ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමට සහ අද්විතීය සංචාරක අත්දැකීමක් ලබාදෙමින් අපගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඉන්දියානු උප මහාද්වීපය වෙත සහ ඉන් පිටතට යාමට අපගේ ගෝලීය සම්බන්ධතාවය හේතුවෙන් කොළඹ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තියෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වසරේ සැප්තැම්බර් මසයේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මානඋළෙලේ දී 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය”සඳහා සම්මානයක්ද දෙවැනි වරටත් “ 2018 වසරේ ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය,”සඳහා වන සම්මාන දිත්වය ද හිමිකර ගැනීමට සමත්විය. සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව හා ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර ඉන්දියාවේ ගමනාන්ත 13ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 119 ක්  මෙහෙයුම් සිදුකරමින් කලාපය තුළ විශාල සහයක් ලබාදෙයි. ගුවන් සමාගම අනෙකුත් ගමනාන්ත වන ඩකා, කරච්චි, ලාහෝර්, වෙතද සිය ගුවන් ගමන් සිදුකරනු ලබයි.

    ලෝක සංචාරක සම්මාන උළෙල මේ වසරේ දී 25 වන සංවත්සරය ද සනිටුහන් කළ අතර සංචාරක ක්‌ෂේත්‍රයේ විවිධ අංශ හඳුනා ගැනීමටත්, සංචාර ඇතුළු විශිෂ්ටතා ඇගයීමටත් 1993 වසරේ දී ස්‌ථාපිත කර ඇත. 

     

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 19:14

    Latest News