ෆේස්බුක් සමාගමට අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් ඩොලර් බිලියන 5ක දඩ මුදලක් පනවා ඇති බව, අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

කැනඩා ගුවන් සේවයට අයත් යානයක් පීඩන අවපාතයකට හසුවීමෙන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගල්ෆ් මුහුදු සීමාවේ යාත්‍රා කරන බිතාන්‍ය නෞකාවලට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

තම යුද ගුවන් යානාවලට ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේ ඕනෑම රටකට පහරදිය හැකි බව, ඊශ්‍රායලය පවසයි. ඕනෑම අවස්ථාවක දී ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට තම හමුදාවන් සූදානම් බවයි, ඔවුන් පවසන්නේ.

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ජායිපූර් නගරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නගරයේ ජල අර්බුදය තවමත් උග්‍රවී තිබේ. දිගින් දිගටම වර්ෂාව රහිතවීම ඊට හේතුවයි.

තමිල්නාඩුවේ මරුමලර්ච්වි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ නායක වයිකෝට වසරක සිර දඬුවම් ලබාදී තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට නැවතත් රික්ටර් පරිමාණ ඒකක 7.1ක ප්‍රභල භූ කම්පනයක් ඇතිවී තිබේ.

මැතිවරණයක් පැවැත්වෙන තෙක් බල බෙදා ගැනීම සඳහා සුඩාන හමුදා නායකයින් සහ විපක්ෂ ක්‍රියාකාරීන් ගිවිසුමකට එළඹිණ.

පුරාණ මෙසපොතේමියානු බැබිලෝන් නගරය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සිය අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඊයේ (04) සහභාගි විය.

ඉන්දියාවේ වේල්ලක් පුපුරා යාමෙන් එහි ජල පහරට හසුව මියගිය අයගේ සිරුරු 16ක් සොයා ගෙන තිබේ.

චීනය හා අමෙරිකාව අතර ගිවිසුම්වලට එළඹිය හැකි වුවහොත් පවතින අතිරේක තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කරයි.

ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණ ව්‍යාපාරය නිළ වශයෙන් ආරම්භ කෙරේ.

අමෙරිකාවේ දකුණුදිග කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

තුර්කිය, රුසියා සහ ඉරාන නායකයින් අගෝස්තු මාසයේදී තුර්කියේ අන්කාරා අගනුවරදී සිරියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් ත්‍රෛයිපාර්ශ්වීය නව සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානම් වේ.

නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ නව අය වැය අද (05) ලොක් සභාවට ඉදිරිපත් කරන බව වාර්තා වේ.

රාහුල් ගාන්ධි, ඉන්දියාවේ කොංග්‍රස් පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

රුසියානු සබ්මැරීනයක් ගිනි ගැනීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යුරෝපා කොමිසමේ සභාපති තනතුරට, උර්සුලා වොන් ඩර් ලේන් පත්ව තිබේ.

Latest News