ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්තියක ඊයේ සවස ඇතිවූ ගින්නකින් සිසුන් ඇතුළු තවත් පුද්ගලයින් 19කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ සිය ධුරයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග කොන්සවේටිව් පක්ෂයේ සහ බ්‍රිතාන්‍ය අගමැති තනතුර සඳහා නව තරගකාරීත්යක් ඇති වී තිබේ.

ජී - 20 කණ්ඩායමේ වෙළඳ අමාත්‍ය සමුළුව එළඹෙන 8 වැනි දින සිට 9 වැනි දින දක්වා ජපානයේදී පැවැත්වේ.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සිය ධූරයෙන් ජූනි 07 වැනි දින ඉවත් වන බව නිවේදනය කරයි.

2019 වසරේ ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනි උළෙල ලබන ජුනි මස 10 වැනි දා සිට 24 වැනි දා දක්වා චීනයේ ශැංහයි නුවරදී පැවැත්වේ.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘ ජුලියන් ආසන්ජ්ට එරෙහිව නව චෝදනා 17ක් ගොනුකර තිබේ.

පකිස්තානය නව බ්ලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

ඓතිහාසික ජනවරමක් ලබාදීම පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනතාවට ස්තූතිය පළ කරයි.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ. දැනට වාර්තා වී ඇති තොරතුරු අනූව, මැතිවරණ බලප්‍රදේශ 328ක ඉදිරියෙන් සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.

ඉන්දුනීසියාවේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වලින් 6 දෙනෙක් මියගොස් තිබෙනවා. තුවාල ලැබූ පිරිස 200 ක්.

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට නියමිතයි.

බ්‍රෙක්සිට් ගිවිසුම සඳහාම නැවතත් නව යෝජනාවලියක් ගෙන එන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදේ ජල මට්ටම ඉහළයාම බලාපොරොත්තු වූ මට්ටමට වඩා වැඩිවිය හැකි බව, විද්‍යාඥයින් අනතුරු අඟවයි.

ප්‍රංශයේ අයිෆල් කුළුණට පුද්ගලයෙක් අනවසරයෙන් බාහිරින් නැගීම හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමූහ ඝාතක උපහාස බැහැර කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියි.

අමෙරිකාව සමය යුද්ධයකට එළැඹුනහොත්, එය නිල වශයෙන් ඉරානයේ අවසානය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අදයි. ඉදිරි වසර කිහිපය සඳහා එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය තීරණය කෙරෙනුයේ, මෙම මැතිවරණයත් සමගයි.

රිච්ටර් මාපකයේ ඒකක 5.7ක භූ කම්පනයක් හේතුවෙන් මධ්‍යම අමෙරිකාවේ රාජ්‍යයන් කිහිපයකට බලපෑම් එල්ල වේ.

බෝයිං 737 මැක්ස් ගුවන් යානාවල මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කිරීම අවසන් කර ඇති බව, අමෙරිකාවේ බෝයිං සමාගම පවසයි.

වෙනිසියුලාව සමග සියලු ගුවන් ගමන් නතර කිරීමට වොෂිංටනය තීරණය කර තිබේ.

Latest News