අමෙරිකාවට යුද්ධයක් අවශ්‍ය නැති බවත්, නමුත් එලෙස ගැටුම් තත්වයක් ඇති වන්නේ නම් එමගින් ඉරානය මුළුමනින්ම විනාශයට පත් වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Pyongyang හිදී උතුරු කොරියාවේ කම්කරු පක්ෂ සභාපති, එරට රාජ්‍ය සභාවේ සභාපති Kim Jong-un මහතා හමුවේ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට පසුගිය දින 4 හි බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයෝ 92 දෙනෙක් ජිවිතක්ෂයට පත් වෙති.

චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ චාරිකාවක අද නිරත වෙයි.

2027 වසර වන විට ඉන්දියාව,චීනය අභිබවා ලොව වැඩිම ජනගහණය හිමි රට වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය නිකුත් කළ ජනගහනය පිළිබඳ නවතම වාර්තාවේ දැක්වෙන්නේ වසර 2050 වන විට ලොව ජනගහණය බිලියන 9.7ක් වනු ඇති බවයි.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සි නඩු විභාගයක් අතරතුර මියගොස් තිබේ.

ආජන්ටිනාවේ හා උරුගුවේ රාජ්‍යයේ විදුලි බිඳවැටීමක් සිදුවී තිබේ. රටවල් දෙකේ සම්පූර්ණයෙන්ම පාරේ විදුලි සැපයුම විසන්ධිවී ඇති බවයි වාර්තා වන්නේ.

කොලොම්බියාව ලොව විශාලතම කෝපි කෝප්පය නිපදවා ගිනස් වාර්තාවක් තැබීමේ උත්සාහයක ඊයේ නිරත විය.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු, තමන්ට එල්ල වන සියලු චෝදනවලට වරදකරු නොවන බව තම නීතිඥයා මගින් ප්‍රකාශ කරයි.

උතුරු කොරියානු නායකයා සමඟ යළි හමුවීමක් පැවැත්වීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ සිදුවූ පිපිරීම් වලින් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට හැකිව තිබේ.

අඛන්ඩව වැඩිම විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කරගත් දෙවැනි රට චීනය බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජින සතුව රටින් පිටත ඇති එකම නිවස විකිණීමට තීරණය කර තිබේ.

සෞදි අරාබියේ ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

සඳ ගවේෂණය සඳහා වන දෙවන මෙහෙයුම, ජුලි 15 වැනිදා ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වේ.

යුද ගැටුම් පවතින කලාපවල සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ආබාධවලින් පෙළෙ බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

පකිස්තානයේ හිටපු ජනාධිපති අෂීෆ් අලි සර්දාරි, අත්අඩංගුවට ගෙන තිබේ.

පකිස්ථාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව අත්වැරදීමකින් විවෘත වීමෙන් ඇතිවීමට ගිය විශාල විනාශයක් වැලකී තිබේ.

දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජල ප්‍රශ්නය උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොලොම්බියාව හා වෙනිසියුලාව අතර දේශසීමාව පසුගියදා විවෘත කෙරිණ.

Latest News