චීනයේ සිචුආන් ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව ඇත.

හොංකොං විශේෂ පරිපාලන කලාප‍යේ කැතේ පැසිෆික් ගුවන් සේවයේ ප්‍රධාන විධායක Rupert Hogg මහතා සහ ප්‍රධාන පාරිභෝගික හා වාණිජ නිලධාරී Paul Loo මහතා එම තනතුරු වලින් ඉල්ලා අස්වෙති.

ඉදිරි වසර 5 තුළ ඇ.ඩො. ට්‍රිලියන 5කින් යුත් ආර්ථික ඒකකයක් ගොඩ නගනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.

චීනය හා අමෙරිකාව අතර වෙළෙඳ ආරාවුල් වර්ධනයවීමෙන් අමෙරිකාවේ සිල්ලර කර්මාන්තයට තවදුරටත් හානි සිදුව ඇති බව වාර්තා වේ.

ජපානය සමග සංවාද හා සහයෝගතා පැවැත්වීමට දකුණු කොරියාව කැමැත්ත පළ කරයි.

කාශ්මීරය සම්බන්ධව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළ ආකාරය ‘උපාය මාර්ගික වරදක්‘ බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ජම්මු කාශ්මීර ස්වයං පාලන බලතල අවලංගු කිරීමට ගත් පියවරට එකඟ විය නොහැකි බව පකිස්තාන අගමැතිවරයා සදහන් කළේය. 

යේමනයේ ඒඩන් වරාය නගරයේ පාලනය කැරළිකරුවන් අත්පත් කරගෙන තිබේ. ඒ රජයට පක්ෂපාතී කණ්ඩායම් හා යේමන කැරළිකරුවන් අතර හටගත් දරුණු ගැටුම්වලින් අනතුරුවයි.

ඇලේජැන්ඩ්‍රෝ ජියමට්ටෙයි ග්වාතමාලා නව ජනාධිපති ලෙස තේරී පත්ව තිබේ.

එක්ලක්ෂ හැටපන් දහසකට අධික පිරිසක් මෝසම් වැසි හේතුවෙන් තම නිවෙස්වලින් බැහැරට දකුණුදිග කේරළ ප්‍රාන්තයේ සහන කඳවුරු 1318ක රැඳී සිටියි.

ලෙකීමා සුළි කුණාටුව චීනයට ඇතුළු වී තිබේ. අද අලුයම 1.45ට පමණ චීනයේ නැගෙනහිර වෙරළ තීරයට එය බලපෑ බවයි, මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාව වෙනිසියුලාවට සමස්ත ආර්ථික ගනුදෙනු තහනම් ප්‍රතිපත්තිය පැනවීම පිළිබඳව වෙනිසියුලා ජනතාව හා හමුදා භටයෝ දස දහස් ගණනක් විරෝධය පළ කරති.

අමෙරිකා එක්සත් ජනපදයේ සමූහ වෙඩි තැබීම සිදුවූ ප්‍රාන්තයන්හි සංචාරයක නිරතවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් අභාවප‍්‍රාප්ත වී තිබේ.

එල්ටීටීඊ සංවිධානයේ ළමා සොල්දාදුවෙකුව සිටි ගනේෂමූර්ති ත්‍යාගරාජා නමැති පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ බිහිසුණු පුද්ගල ඝාතනයකට වරදකරු වී තිබේ.

වර්ගවාදය පතුරුවන හා වෛරී ප්‍රකාශන සිදුකරන දේශපාලන නායකයන් ප්‍රතික්ෂේප කරන ලෙස, අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ. දකුණු කොරියාව පවසන්නේ පසුගිය සති දෙක තුළ ඔවුන් මිසයිල 4ක් අත්හදා බලා ඇති බවයි.

ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයට විශේෂ බලතල හිමිවූ වගන්ති ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමේ යෝජනා ඉන්දීය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඉරානය ගල්ෆ් කලාපය තුළ තවත් විදේශ තෙල් නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නෞකාව අරාබි රටවල් සඳහා ඉන්ධන ජාවාරමේ යෙදුනු නෞකාවක් බවයි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකා ප්‍රධානිය සඳහන් කළේ.

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පමණක් ටොන් බිලියන 12.5ක් දියවී ඇතැයි, නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

අමෙරිකාවේ ඔහැඔ ප්‍රාන්තයේ ඩෙයිටෝන් ප්‍රදේශයක සිදුවූ වෙඩි තැබීමකින් 09 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

Latest News