සුප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩක බ්‍රයන්ට් හා දියණිය මියයයි

ජන 27, 2020

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

    සුප්‍රසිද්ධ අමෙරිකානු ජාතික පැසි පන්දු ක්‍රීඩක කොබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ද අනතුරින් මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. කොබේ බ්‍රයන්ට් ඇතුළු පිරිස ගමන් කරමින් තිබූ පෞද්ගලික හෙලිකොප්ටර් යානය කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබෑසස් නගරය ආසන්නයට කඩා වැටී තිබේ. අනතුරින් යානගේ ගමන් කළ පුද්ගලයින් 9 දෙනාම මියගියේය.

    අනතුරින් මියගිය කොබේ බ්‍රයන්ට් ශ්‍රේෂ්ඨ පැසිපන්දු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා ඉතිහාසයට එක්වෙයි. ඔහු ජාතික පැසි පන්දු ශූරතාව පස් වතාවක්ම හිමිකරගෙන තිබීම විශේෂත්වයක්. මෙම සිදුවීමෙන් දැඩි ලෙස කම්පාවට පත්වූ අමෙරිකානු ක්‍රීඩා තරු රැසක් කොබේට ගෞරව දැක්වීමට එක්ව සිටියි. අනතුර සිදුවූ අවස්ථාවේ ප්‍රදේශයේ ඝන මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක කෙරේ. අනතුර සම්බන්ධයෙන් කැලිෆෝනියා බලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    download 1

    1580096123879

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 09:15

    Latest News