බ්‍රසීලයේ දරුණු ගංවතුරෙන් 30ක් මරුට

ජන 27, 2020

    බ්‍රසීලයේ ඇතිවී ඇති දරුණු ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 30කට අධික පිරිසක් මියගොස් තිබේ. තවත් 17 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි වාර්තා වන්නේ.

    බ්‍රසීලයේ මිනාස් ජෙරායස් ප්‍රදේශයට ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඉකුත් සිකුරාදා සිට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය හටගෙන ඇති බව බ්‍රසීල කාලගුණ බලධාරින් පවසයි. මේ හේතුවෙන් අවතැන් වූ පිරිස 2,500කට අධිකයි. නිවාස ගණනාවක් නාය යෑම් හේතුවෙන් අනතුරට ලක්ව තිබේ. එම ප්‍රදේශ වෙත සහන සේවා කණ්ඩායම් යෙදවීමට බලධාරීන් ක්‍රියා කරයි. අධික වර්ෂාපතනය බ්‍රසීලයේ තවත් නාගරික ප්‍රදේශ 40කට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

     

     

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 08:13

    Latest News