කෝබි බ්‍රයන්ගේ හෙලිකොප්ටර් අනතුර ගැන පරීක්ෂණ ඇරඹේ

ජන 28, 2020

    සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්,මරණයට පත්වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ලොව අග්‍රගන්‍ය පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ කෝබි බ්‍රයන් හෙලිකොප්ටර් අනතුරකට මුහුණ දුන්නේ පසුගිය ඉරිදා.

    ඔහු සහ ඔහුගේ දියණිය ඇතුළු තවත් 9 දෙනෙක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් එහි සිටි සියලුදෙනා ජීවිතක්ෂයට පත්විය. බලධාරීන් පවසන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික මීදුම් තත්වය හෝ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි. පස් වරක් ජාතික පැසිපන්දු ශූරතාවලිය ජයග්‍රහණය කළ ඔහු එය පස් වතාවක් ලබාගැනීමට සමත් වූ එකම කණ්ඩායම වන ලොස්ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම නියෝජනය කළේය. එසේම, ඔලිම්පික් පදක්කම් දෙකක හිමිකරුවෙකු වන ඔහු 2016 අප්‍රේල් මාසයේ ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

    මේ අතර ජාතික පැසිපන්දු ශූරතාවලියේ ලාංජනය සඳහා කෝබි බ්‍රයන්ගේ රුව ඇතුළත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් මේ වන විට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතියි. ඊට මිලියනයකට වැඩි පිරිසක් සහයෝගය දක්වා ඇති බවයි, වාර්තා වන්නේ. කෝබි බ්‍රයන් පැසිපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස සැලකේ.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 10:50

    Latest News