ඉන්දියාවේ 71වැනි ජනරජ දිනය අදයි

ජන 26, 2020

    ඉන්දීය රජය මහත් හරසරින් ජනරජ දිනය සමරද්දී ඇසෑම් ප්‍රාන්තයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වුණි.

    කෙසේ වෙතත් ජනරජ දිනයට සමගාමීව පැවති සැමරුම් අතරතුර එම පිපිරීම් සිදුව නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    පිපිරීම් වලින් කිසිදු ජිවිත හානියක් සිදුව ඇති බවටත් වාර්තා වන්නේ නැහැ.

    මේ අතර ජනරජ දිනය සැමරීමට ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකායේ සාමාජිකයින් එක්වූ අවස්ථාවක් වඩාත් කතාබහට ලක්ව ඇත.

    ජනවාරි 26 වැනිදාට යෙදී ඇති ඉන්දීය ජනරජ දිනය අසල්වැසි බංග්ලාදේශය සමඟ සැමරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

    එම අවස්ථාවට ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකායේ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියේය.

    ඉන්දියාවේ ඊසාන දිග පිහිටි ත්‍රිපුර ප්‍රාන්තයේ දී මේ සැමරුම සංවිධානය කර ඇත.

    දේශසීමා ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින පාකිස්තාන සහ බංග්ලාදේශ සගයන් සමඟ රසකැවිලි හුවමාරු කරගැනීමට මෙහිදී කටයුතු කෙරුණි.

    ඉන්දියාවේ 71 වෙනි ජනරජ දිනයට රට පුරා සැමරුම් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්.

    ඉන්දියාව අසල්වැසි රාජ්‍යයන් සමඟ එක්ව එම දිනය සැමරීම සම්ප්‍රදායක් ලෙස අඛණ්ඩව පැවත එන බව විදෙස් වාර්තා පවසයි.

    අසල්වැසි රටවල් සමඟ පවතින මිත්‍රත්වය වර්ධනය කරගැනීම එහි අරමුණයි.

    Latest News