83ක් රැගත් මගී ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයේ දී අනතුරට

ජන 27, 2020

    පුද්ගලයන් 83 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඝස්නි ප්‍රාන්තයේ දී හදිසියේ කඩා වැටී තිබේ.

    එරියානා ගුවන් සේවයට අයත් එම ගුවන් යානය එහිදී ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඇෆ්ගනිස්ථානයේ හෙරාට් සිට කාබුල් අගනුවර දක්වා ගමන් ගනිමින් සිටින විට ගුවන් යානය මෙලෙස අනතුරට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය කඩා වැටී ඇත්තේ තලෙයිබාන් පාලනය සහිත ප්‍රදේශයකටයි. මේ නිසා ගුවන් යානයේ ගමන් ගත් පිරිසට අත්වූ ඉරණම පිළිබදව මෙතෙක් වාර්තා ලැබී නොමැති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News