ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ අනතුරුවලින් 20කට අධික පිරිසක් මියගොස් තිබේ.

ඉරානය 2015 එළඹි න්‍යාෂ්ටික ගිවිසුම උල්ලංඝණය කරමින් සිටින බව අන්තර්ජාතික නිරීක්ෂණ ආයතනයක් චෝදනා කරයි. 

විලියම් කුමරු සහ කේට් කුමරිය බ්‍රිතාන්‍යය රාජකීයන් නියෝජනය කරමින් වසර 13කට පසුව පකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.

මෙක්සිකෝවේ ග්වඩලාජාරා හි තදාසන්න ප්‍රදේශයට අඩි 6ක පමණ දැඩි හිම පතනයක් සිදුවී තිබේ.

සුඩානයේ හමුදා පාලනයට එරෙහිව ජනතාව තවදුරටත් විරෝධය පළ කරයි.

උතුරු කොරියාවට පය තැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අද පත්විය.

උතුරු සහ දකුණු කොරියානු දේශසීමාව අතර යුද මුක්ත කලාපයේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමට තමන් සූදානම් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන්කර තිබේ.

ඉතාලියේ ව්‍යසනයක මතක සටහනක් වූ ජෙනෝවා පාලම කඩා වැටීමෙන් ඉතිරි වූ කුළුණු පුපුරවා හැරීමේ දර්ශන නිකුත් කර තිබේ.

චීන ජනාධිපති ෂී චින්පිං හා ජපාන අගමැති ෂින්සෝ අබේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ඊයේ(27) නිරතවුණු බව වාර්තාවේ.

යුරෝපයට බලපා ඇති අධික උෂ්ණ කාලගුණයක් සමග ස්පාඤ්ඤයේ ලැව්ගිනි හටගෙන ඇති බව වාර්තාවේ.

අධික උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම් අවම කිරීමට යුරෝපයේ නගර රැසක විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ 155 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ඝානි හමුවී තිබේ.

‍අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ විද්‍යුත් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර තිබේ. එවැනි තීරණයකට එළැඹි අමෙරිකාවේ ප්‍රථම නගරය මෙයයි.

ජර්මනියේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ගුවන් නියමුවෙක් මියගොස් තිබේ. 

ඉරානයට එරෙහිව තවත් දැඩි සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. නව සම්බාධකවලට එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ද ඉලක්ක වී තිබේ.

ආගමික වැඩසටහනක් අතරතුර තාවකාලික කූඩාරමක් කඩා වැටීමෙන් ඉන්දියාවේ පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දුනීසියාවේ භූකම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7.3ක් ලෙස සටහන් විය.

තුර්කියේ අගනුවර නගරාධිපතිවරයා තේරීමේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ඒ.කේ පක්ෂය පරාජයට පත්වී තිබේ.

ඉරාන - අමෙරිකා අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතියි. ඉරානය, අමෙරිකානු ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කිරීමත් සමගයි මේ තත්වය උද්ගතව ඇත්තේ.

Latest News