වූහාන් සිටින තම පිරිස් ඉවත්කර ගැනීමට අදාළ රටවලින් පියවර

ජන 29, 2020

    නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිටින සියලුම විදේශිකයින් ඉවත් කිරීමට අදාළ රටවල් මේ වන විට පියවර ගනිමින් සිටියි.

    ඒ අනූව ඔස්ට්‍රේලියාව,ජපානය,අමෙරිකාව,දකුණු කොරියාව හා යුරෝපා සංගමය ද සිය පුරවැසියන් තම රටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.

    වෛරසය ආසාදනයවීමෙන් පසු, රෝග ලක්ෂණ මතුවීම සඳහා දින 7කට ආසන්න කාලයක් ගතවෙයි. යළි පැමිණෙන පුද්ගලයන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් අදාළ රටවල් විසින් සකස් කර තිබේ. යළි පැමිණෙණ ඔස්ට්‍රේලියානුවන් රඳවා තැබෙන්නේ, ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර 2,000ක දුරින් යුතු ක්‍රිස්මස් දූපතේයි. චීනයෙන් පැමිණෙන තම පුරවැසියන් සති දෙකක කාලයක් රෝග නිරෝධනය සඳහා මෙම දූපතේ රඳවා තබන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    චීනයේ නගර 17කට සිටින කෝටි 5කට අධික පුරවැසියන්ට එරට රජය විසින් ගුවන් ගමන් සීමා කර පනවා තිබේ. චීනයේ සිට හොංකොං වෙත පැමිණෙන දුම්රිය හා මුහුදු මගී ප්‍රවාහන සීමා කිරීමට හොංකොං පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

    ප්‍රංශ ජාතිකයින් 250කට අධික සංඛ්‍යාවක් ඉවත්කර ගැනීමට යුරෝපා සංගමය විශේෂ ගුවන් යානයක් යොදවා තිබේ.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 11:02

    Latest News