චීනයෙන් තවත් චන්ද්‍රිකා 5ක්

සැප් 20, 2019

    චීනයේ චියෝ චුඈන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long march 11 ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් “Zhu Hai 1”ට අයත් 3වැනි කණ්ඩායමේ චන්ද්‍රිකා 5ක් ඊයේ (19) සාර්ථකව කක්ෂගත කර තිබේ.

    චන්ද්‍රිකා සාර්ථකව නියමිත කක්ෂයට ඇතුළු වී මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇත.

    Long march ප්‍රවාහන රොකට්ටු මාලාවේ 311වැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙයයි.

    “Zhu Hai 1” චන්ද්‍රිකා ඉංජිනේරු වාණිජ දුරස්ථ සංවේදක චන්ද්‍රිකා ව්‍යාපෘතියක් වන අතර එවැනි චන්ද්‍රිකා 34ක් ගවේශනය කිරීමට හා දියත් කිරීමට සැලසුම් කර ඇත.

    ස්වාභාවික සම්පත්, පරිසරය සහ කෘෂි කර්මාන්තය යන කාර්මික යෙදවුම්වලට මෙම චන්ද්‍රිකා සේවා සැපයිය හැකිය.

    “Zhu Hai 1”ට අයත් 1වැනි කණ්ඩායමේ චන්ද්‍රිකා 2ක් 2017 වසරේ ජූනි මස 15වැනිදා නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු විය.

    එසේම “Zhu Hai 1”ට අයත් 2වැනි කණ්ඩායමේ චන්ද්‍රිකා 5ක් පසුගිය වසරේ අප්‍රේල් මස 26 වැනිදා සාර්ථකව කක්ෂගත කෙරිණ.

    මෙවර දියත් කළ 3වැනි කණ්ඩායමේ චන්ද්‍රිකා 5ට වීඩියෝ චන්ද්‍රිකාවක් සහ අධි වර්ණාවලි චන්ද්‍රිකා 4ක් ද ඇතුළත් වේ.

     

    Latest News