ඩෝරියන් සුළි කුණාටුවෙන් 1,300ක් අතුරුදන්

සැප් 13, 2019

    ඩෝරියන් සුළි කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 1,300ක් බව, බහමාස් බලධාරීහු පවසති.

    මීට පෙර එම අගය, 2,500ක් ලෙස වාර්තා කර තිබිණ. බහමාස් ජාතික හදිසි අවස්ථා කළමනාකරණ ඒජන්සිය සඳහන් කර සිටියේ, අවතැන් කඳවුරුවල සිටින පිරිස් යළි සංගණනය කිරීමෙන් අනතුරුව මෙම වාර්තා නිකුත් කළ බවයි. ඩෝරියන් සුළි කුණාටුවෙන් මියගිය පිරිස 50ක්. ඩෝරියන් සුළි කුණාටුව පැයට කිලෝ මීටර 295ක වේගයෙන් බහමාස් දේශය හරහා හමා ගොස් තිබේ. එය, සුළි කුණාටුවක් භූමිය හරහා හමා ගිය උපරිම වේගය වේ.

    Latest News