SF.6 පරිසර හානි රැසකට මුල

සැප් 14, 2019

    ලොව දැනට භාවිත කෙරෙන එස්.එෆ්-6 නමැති වායුව මගින් දේශගුණික විපර්යාස හා පාරිසරික හානි සිදුවන බව හඳුනාගෙන තිබේ.

    මෙම වායුව සල්ෆර් හෙස්ෆ්ලෝරයිඩ් යනුවෙන් හඳුන්වයි. විදුලි පරිපථවල අනතුරු හා ගිනි ගැනීම් වළක්වා ගැනීමට මෙම වායුව බහුලව යොදා ගන්නා බව වාර්තා වෙයි. මෙය, ඉතා ලාභදායී සහ වර්ණ රහිත, ගන්ධ රහිත කෘතීම වායුවක්.

    මධ්‍යම හා අධි වෝල්ටීයතා විදුලි ස්ථාපනයන් සඳහා ද එස්.එෆ්-6 වායුව භාවිත කරයි. එය කාබන් ඩයොක්සඩ්වලට වඩා 23,500ක ගුණයකින් උණුසුම් වීම නිසා වඩාත් බලගතු හරිතාගාර වායුවක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

     

     

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 11:36

    Latest News