අමෙරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතය පහළට

සැප් 20, 2019

    අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය මේ වසරේ දෙවැනි වරටත් පොලී අනුපාතය අඩු කරයි.

    ෆෙඩරල් අරමුදල් පොලී අනුපාතය දැනට පවතින මට්ටමකින් සියයට 0.25 ක් දක්වා අඩු කර ඇති අතර, එම අනුපාතය සියයට 1.75ත් 2ත් අතර පවතින බව අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය ප්‍රකාශ කර සිටී.

    අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය මේ වසරේ පොලී අනුපාතය අඩු කළ දෙවැනි අවස්ථාව මෙයයි.

    ලෝක තත්ත්වය අමෙරිකා ආර්ථීක අපේක්ෂාවට එල්ල වූ බලපෑම් සහ උද්ධමන පීඩනය සලකා එම අනුපාතය අඩු කළ බව අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

    එහෙත් අමෙරිකානු ආර්ථීකය මුහුණ දී ඇති අවිනිශ්චිතතාව තවමත් පවතින බව පැවසේ.

    ඉදිරියේදී ෆෙඩරල් අරමුදල් පොලී අනුපාතය කුමන ආකාරයෙන් වෙනස් වේද යන්න පිළිබඳව එම ආයතනය ප්‍රකාශ කළේ අමෙරිකාවේ ආර්ථීක තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරමින් ආර්ථිකය යහපත් කිරීම සඳහා සුදුසු පියවර ගනු ඇති බවයි.

    Latest News