චීන අග්‍රාමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුවක්

සැප් 20, 2019

    චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා රුසියාවේ මොස්කව් නගරයේ Kremlin මාලිගාවේදී එරට ජනාධිපති Vladimir Putin මහතා හමුවිය.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් Li Keqiang මහතා Putin මහතා‍ට එම හමුවේදී යොමු කර ති‍‍බේ.

    චීනය සහ රුසියාව අන්‍යෝන්‍ය විශාලතම අසල්වැසි රටවල්ය.

    එසේම මෙම වසරේ දෙරට අතර රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය ලෙස සැළකේ.

    “එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළ සහ යුරේසියානු ආර්ථික සංගමය සමඟ වඩා මැනවින් සම්බන්ධ කිරීමටත්, ද්විපාර්ශ්වික වෙළඳාම හා ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, Li Keqiang මහතා සඳහන් කළේය.

    මේ අතර එහිදී චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වැනි සංවත්සරයට Putin මහතා‍ සුභ පැතුම් පළ කළේය.

    චීනය සමඟ සම්බන්ධතා රුසියානු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛතාව බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

    දෙරට අතර රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ වසර 70ක් තුළ, ද්විපාර්ශ්වික සහයෝගතාවලින් විවිධ ජයග්‍රහණ ලබා ඇත.

    රුසියා - චීන සම්බන්ධතා ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත් ස්ථාවර සාධකයකි.

    රුසියානු පාර්ශ්වය සිය සංවර්ධන ක්‍රමෝපායික මාර්ග “එක් තීරයක් - එක් මාවතක්”වැඩපිළිවෙළ සමඟ වඩා යහපත් ව සම්බන්ධ කිරීමට කැමැත්තෙන් සිටී.

    රුසියාව ද්විපාර්ශ්වික වෙළඳ පරිමාණය නිරන්තරයෙන් පුළුල් කිරීම සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇති බව Putin මහතා‍ එම හමුවේදී පවසා තිබේ.

    Latest News