සවුදි තෙල් සැපයුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර 2ක්

සැප් 14, 2019

    සවුදි අරාබි රජයට අයත්, තෙල් සැපයුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

    ප්‍රහාරයත් සමග විශාල ගින්නක් හටගත් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව විශාලතම තෙල් සැකසුම් කම්හලකට ඊයේ එල්ල වූ පළමු ඩ්‍රෝන ප්‍රහාරයෙන් අබ්කායින් ප්‍රදේශයේ විශාල ගින්නක් හටගැනිණ. දෙවැනි ප්‍රහාරය එල්ල වුයේ බටහිර කුරයිස් තෙල් පරිශ්‍රයටයි.

    එම ප්‍රහාරයත් සමග විශාල ගින්නක් හටගත් බවයි, වාර්තා වන්නේ. මේ වන විට ස්ථාන දෙකේම හටගත් ගින්න පාලනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

     

     

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 12:40

    Latest News