සවුදියේ තෙල් ගබඩා ප්‍රහාරය; ඉරානයට චෝදනා

සැප් 15, 2019

    සවුදි අරාබියේ තෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරය ඉරානය විසින් සිදු කරන්නට ඇතැයි අමෙරිකාව චෝදනා කරයි.

    එහෙත් යේමනයේ හවුති කැරළිකරුවන් ඊයේ නිවේදනය කර තිබුණේ ප්‍රහාරයේ වගකීම තමන් බාරගන්නා බවයි. ප්‍රහාරය හවුති කැරළිකරුවන් සිදු කළ බවට සාධක නැතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. වොෂිංටන් පෝස්ට් පුවත්පත පෙන්වා දෙන්නේ, පළමු ප්‍රහාරයට ගොදුරු වූ අබ්කායික් අංගනයේ හානි සිදුවී ඇත්තේ, වයඹ සහ බටහිර කොටස්වලටයි. එය දකුණු සීමාවේ පිහිටි යේමනය දෙසින් පැමිණි ප්‍රහාරයක් නොවන බව ද පුවත්පත පවසයි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු කියා සිටියේ, අමෙරිකාවේ චෝදනාව පදනම් විරහිත බවයි. මේ අතර, රටේ සමස්ත බොර තෙල් නිෂ්පාදනය හරි අඩකින් අඩු කෙරුණු බව සවුදි අරාබිය අද නිවේදනය කළේය. ලෝක බොර තෙල් නිෂ්පාදනයෙන් 10%කට හිමිකම් කියන්නේ සවුදි අරාබියයි. ඒ අනුව, ලෝක තෙල් මිල ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි ද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    Latest News