චිලී වෙරළයට පැමිණි ඩොල්ෆින්

සැප් 16, 2019

    වෙරළට ගසාගෙන විත් සිටි ඩොල්ෆින් මත්ස්‍යයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව නැවත සාගරයට මුදාහැරීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. අදාළ ඩොල්ෆින් මසුන් දෙදෙනා මීටර 200ක් පමණ වෙරළ දෙසට ගසා ගෙන විත් සිටි බවයි, වාර්තා වන්නේ.

    මුදාගැනීමේ කණ්ඩායම් හා ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඩොල්ෆින් මසුන් නැවතත් ගැඹුරු සාගරයට මුදාහැරිණ. කොරල් ආශ්‍රිතව ජීවත් වන ක්ෂීරපායි සාගර ජීවීන් ආරක්ෂා කිරීම සොබාදහමේ සමතුලිතතාවට අතිශය වැදගත් බවයි, එරට ජාතික ධීවර හා සමුද්‍රජීවී ආයතනය සඳහන් කරන්නේ. ඩොල්ෆින් මසුන් සැලකෙන්නේ, මිනිසාට ඉතා මිත්‍රශීලී සත්ත්ව කොට්ඨාසයක් ලෙසයි. වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ඩොල්ෆින් මසුන් දඩයම් කිරීමට ඇතැම් රටවල්, ක්‍රියා කරද්දී චිලී රාජ්‍යය මෙලෙස එම සතුන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 12:19

    Latest News