ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යයෙන් හදිසි සැලස්මක්

සැප් 13, 2019

    ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යය හදිසි තත්ත්වයට මුහුණ දීමේ සැලස්මක් නිකුත් කරයි.

    බ්‍රිතාන්‍යපාර්ලිමේන්තුව අනුමත කළ කෙටුම්පතට අනුව අදාළ සැලසුම මෙන්ම Yellowhammer මෙහෙයුම නම් ලියවිල්ල බ්‍රිතාන්‍යය පසුගිය 11 වනදා නිකුත් කර ඇත.

    එම ලියවිල්ල‍ට අනුව විවිධ පියවර යොදා ගෙන තිබුණ ද බ්‍රිතාන්‍යය ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු ඇතැම් හදිසි සිද්ධීන්ට මුහුණදීමට සිදුවේ.

    ඇතැම් ආහාර සැපයීම අඩු වීම,ආහාර හා ඉන්ධන මිළ ඉහළ යාම,මාස 6ක දිගු කාලීන සැපයීම අඩු වී ඖෂධ හා වෛද්‍ය පහසුකම් සැපයුම් අඩු වීම සහ මුළු රජයම විරෝධයන්ට මුහුණ දීම හා ඊට‍ ප්‍රතිචාර දැක්වීම යන සිද්ධි ඊට ඇතුළත් වේ.

    මේ සම්බන්ධයෙන්,බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ කාරක සභාවේ අමාත්‍ය Michael Gove මහතා ප්‍රකාශ කළේ, ගිවිසුමකින් තොරව තත්ත්වය යටතේ බ්‍රිතාන්‍යය සාමකාමීව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා පසුගිය ආගෝස්තු මස 2 වැනි දින සිට සති 6ක කාලය තුළ බ්‍රිතාන්‍යය වැදගත් පියවර ක්‍රියාත්මක කර ඇති බවයි.

    Latest News