ත්‍රස්තයන් තිදෙනෙක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට

සැප් 13, 2019

    ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කෙරෙමින් පවතින බව වාර්තා වන්නේ.

    පාකිස්තානය පාදක කර ගනිමින් ක්‍රියාත්මක ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසියට හැකි විය.

    ඒ ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර ප්‍රදේශයේ කතුවා (Kathua) නගරයේ දීයි.

    සැකකරුවන් සන්තකයේ තිබී ප්‍රහාරක රයිෆල් සහ පතොරම් තොගයක්ද සොයාගෙන තිබුණ.

    සන්නිවේදන උපකරණයකින් ලද තොරතුරක් මත පදනම්ව කාශ්මීර නිම්නය දෙසට ධාවනය වූ සැකකටයුතු ට්‍රක් රථයක් සොයා සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණ.

     

    Latest News