250,000 අධි වෝල්ටීයතා කම්බියක එල්ලී ජීවිතය බේරාගත් ගුවන් නියමුවා

සැප් 20, 2019

    ඊයේ බෙල්ජියනු F-16 ප්‍රහාරක යානයක් බටහිර ප්‍රංශයේ ගමක් ඉහළ ආකාශයේදී පුපුරා විනාශව ගිය ප්‍රවෘත්තියක් වාර්තා විය.

    ඉතා ශෝචනීය අවස්ථාවක් ලෙස මේ සිදුවීමත් ඉතිහාසයට එක්වීම වැළකී ගියේ එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනාගේ ජීවිත සුරක්ෂිතව බේරා ගැනීමට හැකිවමත් සමඟයි.

    එක් නියමුවෙක් ආරක්ෂිතව ගොඩ බැස්ස අතර, අනෙක් නියමුවා මුහුණ දුන්නේ ත්‍රාසජනක අද්දැකීමකටයි.

    එම නියමුවා 250,000 ක අධි වෝල්ටීයතා කම්බියක සිරවීය.

    ප්‍රංශ මාධ්‍ය පළමුව වාර්තා කළේ ඔහු මියගිය බවටයි.

    ගිනි නිවීමේ නිළධාරීන් සහ දේශීය විදුලි සමාගමෙන් කාර්මික ශිල්පීන් විසින් අනසානයේදී ඔහු බේරා ගනු ලැබුවා.

    පළපුරුදු පියාසර නිළධාරීන් වූ මොවුන් දෙදෙනා සුළූ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News