ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් අමෙරිකානු ප්‍රහාරයකින් මරුට

සැප් 14, 2019

    අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් අමෙරිකානු ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

    මීට මඳ වේලාවකට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව තහවුරු කර තිබේ. හම්සා බින් ලාඩන් මියගියේ ඇෆ්ගන්-පකිස්තාන දේශසීමාවේ අමෙරිකානු හමුදාව සිදු කළ මෙහෙයුමකදී බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි. මෙහෙයුම සිදුවූයේ, කවදාද යන්න ගැන තොරතුරු හෙලිකර නැත. මේ ඝාතනයත් සමඟ අල්කයිඩා සංවිධානය බෙහෙවින් දුර්වල වනු ඇති බව, අමෙරිකානු ආරක්‍ෂක අංශ ප්‍රකාශ කරයි. මියයන විට හම්සා බින් ලාඩන් 30 වැනි පසුවිය. තම පියා වූ ඔසාමා අමෙරිකානු හමුදාව අතින් ඝාතනයට ලක්වීමෙන් පසු ඔහු අල්කයිඩා සටන්කාමීන්ගේ ජ්‍යෙෂ්ඨ නායකයකු ලෙස ක්‍රියා කළේය. 2017 වසරේ දී ඔහු අමෙරිකාව ඇතුළු බටහිර රටවලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ.

    Latest News