ප්‍රහාරය ඉරානයෙන් බව තහවුරුයි..සෞදියෙන් චෝදනා

සැප් 19, 2019

    ඉකුත් සති අන්තයේ තම තෙල් මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ඉරානය සම්බන්ධ බව, තහවුරුවී ඇතැයි සෞදි ආරක්ෂක අංශ පවසයි.

    ඒ සඳහා සාක්ෂි ඇති බවයි, ඔවුන් පවසන්නේ. ප්‍රහාරයට යොදාගත් ඩ්‍රෝන යානාවල සහ කෘස් මිසයිලවල කොටස් හමුවී තිබේ. ඩ්‍රෝන යානා 18ක් හා කෘස් මිසයිල 7ක් ප්‍රහාරයට යොදාගෙන ඇති බවයි, සෞදි ආරක්ෂක අංශ පවසන්නේ.

    ප්‍රහාර යේමනය දිසාවෙන් නොපැමිණි බැව් ඔවුන් පවසයි. ප්‍රහාරයට තමන් සම්බන්ධ බව යේමනයේ ඉරානයට පක්ෂපාතී හව්ති කැරළිකරුවන් ප්‍රකාශ කර තිබේ. ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවයි, අමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 11:03

    Latest News