පුටින් නිල සංචාරයකට සෞදියට

ඔක් 10, 2019

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිල සංචාරයක් සඳහා අද සෞදි අරාබියට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

    දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි, රුසියානු මාධ්‍ය පවසන්නේ. පසුගිය 2017 වසරේ දී රුසියාවේ මොස්කව් නුවර සංචාරයේ නිරත වූ එවකට සෞදියේ දෙවැනි ඔටුන්න හිමි කුමරා මෙන්ම, ආරක්ෂක අමාත්‍යවරයා ද වූ මොහොමඩ් බින් සල්මාන් සිදුකළ අරාධනයකට අනූව මෙම සංචාරය සිදු වෙයි. අද සල්මාන් කුමරු එරට එකම ඔටුන්න හිමි කුමරායි. බලශක්ති, ඉන්ධන හා ආරක්ෂක කටයුතු පිළිබඳව දෙරට අතර සාකච්ජා පැවැත්වීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    සෞදිය මැදිහත්වී සිටින යේමන අර්බුදය පිළිබඳව ද මෙහි දී සාකච්ජා කෙරෙනු ඇති බව විදෙස් විචාරකයන් පවසයි. ඉරාන, ඊශ්‍රායල අර්බුදය මෙන්ම මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ජනාධිපති පුටින්ගේ අවධානය යොමු කෙරුණු ඇතැයි, වාර්තා වෙයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 10:02

    Latest News