ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිරියා ප්‍රශ්නය විසඳීම ප්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ සහය

ඔක් 04, 2019

    ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව ස්ථාපනය කිරීම මගින් සිරියා ප්‍රශ්නය විසඳීම ප්‍රවර්ධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සිරියා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයා පවසයි.

    එක්සත් ජාතීන්ගේ සිරියා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිත Geir Pedersen මහතා ජිනිවාහි පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිරියාවේ විවිධ පාර්ශ්වයන් අතර ඇති මතභේද සමනය කිරීම හා දේශපාලන ක්‍රමයෙන් සිරියා ප්‍රශ්නය විසඳීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට උපකාරී වන බව හෙතෙම එහිදී කියා සිටියේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව ස්ථාපනය කිරීම, විවිධ පාර්ශ්වයන් එකමුතු වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමට වටිනා අවස්ථාවකි.

    මේ සියළු කාර්යයන් ‍සිරියා ජනතාවගේ අපේක්ෂාව සාක්ෂාත් කිරීම සඳහා බව හෙතෙම පැවසීය.

    Latest News