දිය ඇල්ලට ලිස්සා වැටීමෙන් අලී 06ක් මරුට

ඔක් 06, 2019

    දිය ඇල්ලකට ලිස්සා වැටීමෙන් තායිලන්තයේ වන අලීන් 06 දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ සවස අනතුර සිදුව ඇත්තේ, මධ්‍යම තායිලන්තයේ කාඕ-යායි ජාතික උද්‍යානයේදී. දියඇල්ල හරහා ගමන් කිරීමට උත්සාහ දැරූ අලි රංචුවක සිටි කුඩා පැටවෙකු ඇල්ලට වැටීමෙන් පසු එම පැටවා බේරා ගැනීමට යාමේදී සෙසු වන අලින් පස් දෙනෙක් ද ඇල්ලට වැටී තිබේ. අට දෙනෙකුගෙන් යුත් රංචුවෙන් දිවි බේරාගත් අලින් දෙදෙනෙකු රැදී සිටියේ, ප්‍රපාතයෙහි එක් කොටසකයි.

    මහත් පරිශ්‍රමයකින් පසු එම දෙදෙනා බේරා ගැනීමට වනජීවි නිලධාරීන් ඊයේ සවස සමත්වූහ. පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ, ඔවුන්ගේ තත්වය යහපත් අතට හැරී ඇති බවයි. 1992 වසරේ දී ද මෙම වනෝද්‍යානයේ දිය ඇල්ලට ලිස්සා වැටීමෙන් 08 දෙනෙකුගෙන් යුත් අලි රංචුවක් මියගියේය.

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 19:03

    Latest News