ඉන්දියාව ලොකු ළූණු අපනයන තහනම් කරයි

ඔක් 04, 2019

    ලොකු ළූණු අපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

    ඉන්දියාව තුළ මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් ලොකු ළූණු අපයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

    ගත වූ මෝසම් වර්ෂා කාලයේදී පතිත වූ අධික වැසි හේතුවෙන් ලොකු ලූණු වගාවට දැඩි සේ හානි වූ අතර ලොකු ලූණු මිල ඉහළ යාමට එය හේතු විය.

    ඉන්දීය වාර්තාවලට අනුව, මේ වනවිට එරට ලොකු ලූණු කිලෝ 100ක මිල අමෙරිකානු ඩොලර් 63.30ක් වේ.

    මතුව ඇති තත්ත්වයත් සමග ඉන්දියාවෙන් ලොකු ලූණු ආනයනය කළ ප්‍රධාන රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා නේපාලය වැනි රටවල් දැඩි අපහසුතාවට පත්ව සිටී.

    ආසියානු කලාපයේ සමස්ත ලොකු ලූණු ඉල්ලුමෙන් අඩක් සපුරන්නේ ඉන්දියාවයි.

    2018 -19 අතර වසරේදී ඉන්දියාව ලොකු ලූණු ටොන් මිලියන 2.2ක් අපනයනය කර ඇත.

    Latest News