වේල්ල කැඩී 15ක් මරුට

ඔක් 20, 2019

    රුසියාවේ සයිබිරියානු ප්‍රදේශයට අයත් රන් ආකරයක් හා ගංගාවක් අතර පැවති වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

    තවත් 13 දෙනෙකු අතුරුදන්ව ඇත. ඉකුත් සෙනසුරාදා ප්‍ර දේශයට ඇද හැලුණු අධික වර්ෂාව ඊට හේතුවයි. මේ නිසා සයිබිරියාවේ සීබා ගඟේ වේල්ල කැඩී යාමෙන් රන් ආකරයේ සේවය කළ කම්කරුවන් පිරිසක් වාසය කළ නිවාස ජලයට යටවිය. මින් විපතට පත්වූවන්ගෙන් 15 දෙනෙකු මේ වනවිටත් රෝහල් ගතකර තිබේ. ඉන් තිදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බව, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් වේල්ලේ ආරක්ෂාව සම්බන්ධව හා එය මෙසේ බිඳීයාමට හේතුව කඩිනමින් සොයා බලන ලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බලධාරීන්ට නියෝග කළේය.

    Latest News