නව වටයේ චීන - අමෙරිකා ඉහළ පෙළේ සාකච්ඡා වොෂිංටන්හිදී

ඔක් 11, 2019

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය, චීනය හා අමෙරිකාව අතර පූර්ණ ආර්ථික සංවාදයේ චීන පාර්ශවයේ ප්‍රධානී Liu He සහ අමෙරිකානු වෙළඳ නියෝජිත Robert Lighthizer, භාණ්ඩාගාර ලේකම් Steven Mnuchin යන මහත්වරුන් අතර, නව වටයේ චීන අමෙරිකා ආර්ථික හා වෙළඳ ඉහළ පෙළේ සාකච්ඡා ඊයේ (10) උදෑසන ආරම්භ විය.

    අද දිනත් මෙම සාකච්ඡා වොෂිංටන්හිදී පැවැත්වේ.

    වෙළඳ යුද්ධය චීනයටත්, ඇමරිකාවටත් සමස්ත ලෝකයටත් අහිතකර තත්වයක්.

    වෙළඳ සමබරතාව, වෙළඳපලට ප්‍රවේශවීමේ අනුමැතිය යනාදී පොදු සැලකීම් සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ අවංක ලෙස හුවමාරු පවත්වමින් ධනාත්මක ප්‍රගතියක් ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Liu He මහතා සඳහන් කළේය.

    දෙපාර්ශ්වය මෙවර සාකච්ඡාවේදී නිශ්චිත හා පැහැදිලි ප්‍රගතියක් ලබා ගනිමින් ගැටුම් විසඳා, වෙළඳ යුද්ධය නතර කිරීමේ මාර්ග සොයා ගැනීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

    Latest News