මුම්බායි ගස් කැපීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි

ඔක් 07, 2019

    මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක් සඳහා මුම්බායි නගරයේ ගස් කැපීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහනම් කරනු ලැබීය.

    අධිකරණය නියෝග කර ඇත්තේ හරිත පරිසරය ආරක්‍ෂා කරමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලෙසයි. සිසුන් පිරිසක් නීතිපතිවරයා වෙත කරුණු දක්වමින් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය. එය සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ගස් කපා දැමීම වහා අත්හිටුවන ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට අද නියෝග කළේය. මුම්බායි නගරයේ වනාන්තර ප්‍රදේශයක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා ගස් 2100කට අධික ප්‍රමාණයක් කපා දැමීමට නියමිතව තිබේ. මේ වනවිට ඉන් ගස් 1500 කට අධික ගස් සංඛ්‍යාවක් කපා දමා තිබේ. ගස් කපා දමන අවස්ථාවේ ඉන්දීය සිසුන් හා පොලිසිය අතර, උණුසුම් තත්වයක් ද හට ගැණින.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 19:56

    Latest News