පිලිපීනයේ භූකම්පනයකින් දරුවෙක් මියයයි..20කට තුවාල

ඔක් 17, 2019

    පිලිපීනයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයකින් කුඩා දරුවෙක් මියගොස් තිබේ. තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    පිලිපීනයේ මින්දනාඕ දුපත ආශ්‍රිතව මේ භූ කම්පනය හටගෙන තිබේ. එය රිච්ටර් මාපකයේ 6යි දශම 4ක් ලෙස සටහන්ව තිබූ බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මියගිය දරුවා කඩා වැටුණු නිවසක තාප්පයකට යටවී තිබේ. අනතුරුව ඔහුව රෝහල් ගතකර තිබිය දී මියගොස් තිබූ බවයි, වාර්තා වන්නේ.

    භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව තිබේ. ඇතැම් ස්ථානවල සුපිරි වොළෙඳ සංකීර්ණ ද ගිනිගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 11:52

    Latest News